චමරිගේ විශිෂ්ඨ පිතිහරඹය හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 109ක දැවැන්ත ජයක්

Date:

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග ඉසව්වට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අද(18) මැලේසියාවේ දී ආරම්භ වුණා.

පළමු දිනයේ පැවැති තරගයකින් ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම පරදා ලකුණු 109ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ක්වාලා ලම්පූර් හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 182ක් රැස් කළා.

එය 20යි 20 තරගයකදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

යළිත් සුපුරුදු ප්‍රහාරය දියත් කළ නායිකා චමරි අතපත්තු පන්දු 45කින් ලකුණු 86 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 13ක් සමගින්.

හර්ෂිතා මාධවී හා නිලක්ෂි සිල්වා(නොදැවී) ලකුණු 23 බැගින් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්තයට පන්දුවාර 12.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 73ක් පමණයි.

පන්දු යැවීමේ දී උදේෂිකා ප්‍රබෝධනී, අමා කාංචනා, සචිනි නිසංසලා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන දෙවැනි තරගය එළඹෙන 20 වැනිදා කෙන්යාවට එරෙහිව ද, තෙවැනි තරගය 22 වැනිදා මැලේසියාවට එරෙහිව ද, සිව්වැනි තරගය එළඹෙන 24 වනදා බංග්ලාදේශයට එරෙහි ද පැවැත්වීමට නියමිතයි.

මේ අතර, තරගාවලිය ආරම්භ කරමින් අද පැවැති අනෙක් තරගයෙන් මැලේසියාව(49/9) පරදා කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ(53/2 (8ov)) කාන්තා කණ්ඩායම සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...