ගුලාම්ගේ මංගල එක්දින ශතකය හමුවේ පාකිස්තානය එක්දින තරගාවලිය ජය ගනියි

Date:

කම්රන් ගුලාම් වාර්තා කළ මංගල එක්දින ශතකය හමුවේ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 99 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැති එක්දින තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම අද(28) සමත් වුණා.

බුලවායෝහි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 6 ක් දැවී ලකුණු 303 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ පිලට පන්දුවාර 40.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 204 ක් පමණයි.

පාකිස්තානය වෙනුවෙන් කම්රන් ගුලාම් ලකුණු 103 ක් රැස් කළේ පන්දු 99 කින් හයේ පහර 4 ක් හා හතරේ පහර 10 ක් සමගින්. අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 50 යි.

පන්දු යැවීමේ දී සිකන්ඩ රාසා හා රිචර්ඩ් එන්ගරාවා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 51 ක් ලබා ගත් ක්‍රෙයිග් අර්වින්. බ්‍රයන් බෙනට් ලකුණු 37 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී සයිම් අයුබ්, අබ්‍රාර් අහ්මඩ්, හැරිස් රවුෆ් හා ආමර් ජමාල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...