ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු කළමනාකරුවෙකු වූ අසංක ගුරුසිංහ මහතා නයිජීරියා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
2020 වසරේ දෙසැම්බර් මාසයේදී යි ගුරුසිංහ මහතා එරට ප්‍රධාන පුහුණුකරු සහ ඉහළ කාර්ය සාධන අධ්යක්ෂවරයා ලෙස පත් කෙරුණේ.
කෙසේ වෙතත්, සෞඛ්‍යය ගැටලුවක් පදනම් කර ගනිමින් ගුරුසිංහ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වූ බව එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.
ඔහුගේ උරහිසක ආබාධයක් ඇතිව තිබෙන බවත්, ඉන් සුවය ලැබීම සදහා ඔහුට ශල්‍යකර්මයකට මුහුණ දීමට සිදුව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

