ගාලු ටෙස්ට් තරගය ගැන ප්‍රේක්ෂකයින්ට සුබ ආරංචියක්

Date:

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය නොමිලේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

පළමු තරගය සැප්තැම්බර් 18 වැනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතව ඇති අතර, මෙරට පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් සැප්තැම්බර් 21 වැනිදා විවේක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ අනුව සැප්තැම්බර් 18 වැනිදා සිට 23 වැනිදා දක්වා පළමු තරගය වෙනුවෙන් දින වෙන් කර ඇති තිබෙනවා.

ගාලු ක්‍රීඩාංගනයේ දොරටු අංක 4 හරහා ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගනය වෙත ඇතුළු වීමට අවස්ථාව ලබා දී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තරගාවලියේ දෙවැනි තරගය සැප්තැම්බර් 26 වැනිදා ගාල්ලේ දී ම ආරම්භ වීමට නියමිතයි.

මේ අතර, තරගාවලියට නම් කර ඇති තරග නිළධාරී පිළිබද තොරතුරු ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා නිවේදනය කළා.

Match Referee

  • Javagal Srinath – ICC Match Referee

Umpiring Panel

  • Michael Gough – ICC Elite Panel Umpire
  • Nitin Menon – ICC Elite Panel Umpire
  • Ahsan Raza – ICC Elite Panel Umpire
  • Ruchira Palliyaguruge – ICC International Panel of Umpires
  • Raveendra Wimalasiri – ICC International Panel of Umpires

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...