ග්‍රෑන්ඩ්හෝම්ගේ අසුබ දිනය ආබාධයකින් අවසන් වෙයි

Date:

නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක කොලින් ද ග්‍රෑන්ඩ්හෝම්ට මේ දිනවල එංගලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා යළි ක්‍රීඩා කළ නොහැකි බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, ඔහුගේ දකුණු පාදයේ සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.

ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගයේ තෙවැනි දිනය වූ ඊයේ(4) දිනයේ දී පන්දු යවමින් සිටියදීයි ඔහු එම ආබාධයට ලක් වුණේ.

අද දිනයේ දී කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දීමට නියමිතව ඇති බවත්, එම වෛද්‍ය වාර්තාවට අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියේ ඉතිරි තරග සදහා ඔහුගේ සහභාගීත්වය පිළිබද තීරණයක් ගැනීමට නියමිතයි.

ඊයේ දිනයේ දී ඔහු පිතිකරණයේ නිරතව සිටියදී පළමු පන්දුවෙන්ම දැවී ගියේ අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වීමෙන්.

පන්දු යවමින් සිටියදී ද ඔහුගේ පන්දුවක් හමුවේ බෙන් ස්ටොක්ස් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදී එක් ලකුණකට දැවී ගිය නමුත්, පසුව එය නිපන්දුවක් ලෙස තෙවන විනිසුරු විසින් සංඥා කරනු ලැබුවා.

ඉන් අනතුරුවයි ඔහු මෙලෙස ආබාධයකට ද ලක් වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...