කෝලිට කියපු දේ ගැන මම කනගාටුවෙනවා : සිදු වුණ දේ කුසල් මෙන්ඩිස් පහදයි

Date:

විරාත් කෝලිගේ 49 වැනි ශතකයට මාධ්‍ය හමුවේ සුබ නොපතමින් තමා කළ ප්‍රකාශයට සම්බන්ධයෙන් තමා කනගාටුවට පත් වන බව ශ්‍රී ලංකා වැඩබලන නායක කුසල් මෙන්ඩිස් පවසනවා.

ලෝක කුසලාන තරගාවලිය නිමා කරමින් පසුගියදා දිවයිනට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මෙන්ඩිස් ඒ බව සදහන් කළා.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගයට පෙර දිනයේ දී පැවැති මාධ්‍ය හමුවේ දී කුසල් මෙන්ඩිස්ගෙන් මාධ්‍යවේදියෙකු විමසා සිටියේ ලෝක වාර්තාවක් සම කරමින් කෝලි එදින රැස් කළ 49 වැනි ශතකයට සුබ පැතීමට මෙය අවස්ථාවක් කර ගන්නේ ද යන්නයි.

කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දක්වමින් මෙන්ඩිස් එදින පෙරලා විමසා සිටියේ තමා ඔහුට සුබ පතන්නේ කුමට ද යන්නයි.

මේ සම්බන්ධයෙන් අද පැවැති මාධ්‍ය හමුවේ දී කුසල් මෙන්ඩිස්ගෙන් මාධ්‍යවේදියෙකු යළි ප්‍රශ්න කර සිටියා.

“එදා අපි එතන්ට ගියේ මුළින්ම පුහුණුවීම්වලට. පුහුණුවීම්වලින් පස්සේ මාධ්‍ය සාකච්ඡාව තියෙනවා කියලා මට කළින් කියලා තිබ්බා. ඊට පහුවෙනිදා තියෙන්නේ බංග්ලාදේශ තරගය.” යනුවෙන් මෙන්ඩිස් පැවසුවා.

“මම එතන්ට ගියාට පස්සේ මම දැනගෙන හිටියේ නෑ විරාත් කෝලි කොච්චර ලකුණු ප්‍රමාණයක් ලබා ගෙන ඉන්නවා ද? මැච් එකක් තියෙනවා කියලා මම දන්නවා. ඒත් එයා ලකුණු 100 ක් ලබා ගත්ත ද, කොච්චර ප්‍රමාණයක් ලබා ගෙන හිටියද කියලා මම දැනගෙන හිටියේ නෑ. ඉතිං එයා ඒ වෙලාවේ මගෙන් ඒ ප්‍රශ්නේ අහද්දී… මුළින්ම ඇත්තටම මම බැලුවා එයා මොකක්ද මේ අහන්නේ කියලා. මොකද මම ගියේ මගෙ කණ්ඩායම වෙනුවෙනුයි බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙනුයි අහන ප්‍රශ්නවලට උත්තර ලබා දෙන්න. 

“ඉතිං ඒ වෙලාවේ මම ඒ කියපු දේ වැරැදියි කියලා මම හිතනවා. මොකද ශතක 49 ක් ගහනවා කියන එක ලේසි නෑ. ක්‍රීඩකයෙක් විදිහට දන්නවා ඒක කොච්චර අමාරුද කියලා. ඇත්තටම ඒවෙලාවේ මට තේරුණේ නෑ මොකක්ද එයා අහන්නේ කියලා. 

“සමහර අය මට බැනලා තිබ්බා. මම කනගාටු වෙනවා මම ඒවෙලාවේ කිව්ව දේ ගැන. විරාත් කෝලි කියන්නේ හැමෝම දන්නවා එයා කොච්චර හොද ක්‍රීඩකයෙක් ද කියලා. ඒලාවේ මම එයාට සුබ නොපැතූ එක ගැන කනගාටු වෙනවා. 

“අපි මැච් කිහිපයක් පැරදිලා තිබ්බේ. ඉන්දියාවත් එක්කත් අපි කළින් ආසියානු කුසලානයේ දී පැරදිලා තිබ්බා. ලෝක කුසලානයේ දී අඩු ලකුණු ප්‍රමාණයකට දැවී ගියා. මටත් ඕනේ අපේ ශ්‍රී ලංකා කණ්ඩායම දිනවන එක. ඉන්දීය ක්‍රීඩකයින් අපිව ගොඩක් පල්ලෙහාට දාලා කතා කරලා තිබ්බා. මම කැමති නෑ නායකයා විදිහට මගේ කණ්ඩායම පල්ලෙහාට දාලා කතා කරන එකට, රට පල්ලෙහාට දාලා කතා කරන එකට. ඉතිං මට ඒවෙලාවේ තිබුණ හැගීම්බර වීමට අනුව තමයි මම උත්තර දුන්නේ. පස්සේ මට කියද්දී හිතුනා මම කිව්වේ වැරැදි දෙයක් කියලා. මම ඒ ගැන ඇත්තටම කනගාටුවෙනවා.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...