රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නව නායකයා ලෙස ෆෆ් ඩු ප්ලෙසිස් පත් කර තිබෙනවා.
මීට පෙර බැංගලෝර් කණ්ඩායමේ නායකයා ලෙස විරාට් කෝලි කටයුතු කළ නමුත්, ඔහු නායකත්වයෙන් ඉවත් වීමට පසුගිය අයි.පී.එල් තරග වාරයෙන් පසුව තීරණය කළා.
පසුගිය තරග වාරය වන තුරු ෆෆ් ඩු ප්ලෙසිස් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළා.
කෙසේ වෙතත්, මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී ෆෆ් ඩු ප්ලෙසිස්ව මිලදී ගැනීමට බැංගලෝර් කණ්ඩායම කටයුතු කළේ ඉන්දීය රුපියල් කෝටි 7ක මුදලකටයි.
ග්ලේන් මැක්ස්වෙල් හා දිනේෂ් කාර්තික් වැනි ක්‍රීඩකයින් ද බැංගලෝර් කණ්ඩායමේ රැදී සිටින පසුබිමකයි රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නව නායකයා ලෙස ෆෆ් ඩු ප්ලෙසිස් පත් කර ඇත්තේ.
ශ්‍රී ලංකාවේ වනිදු හසරංග ද මෙවර තරග වාරයේ දී ද බැංගලෝර් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

