කොන්වේ වෙනුවට ඩැරල් මිචෙල් නවසීලන්ත ටෙස්ට් සංචිතයට

Date:

ඉන්දියාව සමග ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතයට පිතිකරණ තුන් ඉරියව් ක්‍රීඩක ඩැරල් මිචෙල් කැදවා තිබෙනවා.

ඒ, ආබාධයකට ලක්ව සිටින ඩෙවෝන් කොන්වේ වෙනුවටයි.

20යි 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ දී කොන්වේ අතක ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් අද(14) ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන අවසන් මහා තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වී තිබෙනවා.

අද තරගයෙන් අනතුරුව නවසීලන්ත කණ්ඩායම හෙට(15) දිනයේ දී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

එහිදී දෙරට අතර 20යි 20 තරග 3ක් හා ටෙස්ට් තරග දෙකක් පැවැත්වෙන අතර, පළමු 20යි 20 තරගය ලබන 17 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...