නවසීලන්ත පිතිකරු ඩෙවෝන් කොන්වේට ද එංගලන්තයේ දී කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.
ඒ අනුව ඔහු දින පහක කාලයක් හුදෙකලා කර තැබීමට පියවර ගෙන ඇති බවයි නවසීලන්ත ක්රිකට් ආයතනය සදහන් කළේ.
තුන් ඉරියව් ක්රීඩක මයිකල් බ්රේස්වෙල්ට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ඊයේ(15) දිනයේ දී හදුනා ගැනුණා.
මෙම ක්රීඩකයින් දෙදෙනාට අමතරව සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් වන Vijay Vallabh හා Chris Donaldson ට ද වෛරසය ආසාදනය වී තිබෙනවා.
එංගලන්තය හා නවසීලන්තය අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය ලබන 23 වැනිදා ලීඩ්ස් හී දී ආරම්භ වීමට නියමිතව ඇති අතර, ඩෙවෝන් කොන්වේට හා මයිකල් බ්රේස්වෙල්ට එම තරගය සදහා ක්රීඩා කිරීමේ අවස්ථාව හිමි වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
ඒ අනුව ඔවුන් වෙනුවට සංචිතයට ක්රීඩකයින් ආදේශ කිරීමට ද මෙතෙක් පියවර ගෙන නැහැ.
මීට පෙර නායක කේන් විලියම්සන්ට ද කොවිඩ් 19 ආසාදනය වූ අතර, ඒ හේතුවෙන් දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය සදහා ක්රීඩා කිරීමේ අවස්ථාව ද ඔහුට අහිමි වුණා.
මේ වන විට දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ එංගලන්තයයි.

