කොදෙව් ආරම්භක පිතිකරුවා T20 ලෝක කුසලානයෙන් ඉවතට

Date:

බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරු බ්‍රෙන්ඩන් කිංග්ට මෙවර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි සියලු තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, සුපිරි 8 වටය යටතේ පසුගිය 19 වැනිදා එංගලන්තය සමග පැවැති තරගයේ දී ඔහු මුහුණ දුන් ආබාධයක් (side strain) හේතුවෙන්.

ඔහු වෙනුවට වමත් ආරම්භක පිතිකරුවෙකු වන ක්යල් මේයර්ස් සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේයර්ස් සෙනසුරාදා දිනයේ දී කොදෙව් සංචිතය සමග එක් වනු ඇති.

එංගලන්තය සමග පැවැති තරගයේ දී බ්‍රෙන්ඩන් කිංග් පන්දු 12 කින් ලකුණු 23 ක් ලබා ගෙන සිටි අතර, ඔහු මුහුණ දුන් 13 වැනි පන්දුවේ දී යි අදාළ ආබාධයට මුහුණ දුන්නේ.

අනතුරුව ඔහුට මූලික වෛද්‍ය ප්‍රතිකාර ක්‍රීඩාංගනය තුළදීම ලබා දුන් නමුත්, ඔහුට අඛණ්ඩව පිතිකරණයේ නිරත වීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ අනුව ඔහු ලකුණු 23 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...