කොදෙව්වන් පරදා අයර්ලන්තයට ඓතිහාසික එක්දින තරගාවලි ජයක්

Date:

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හැරුණු විට වෙනත් ටෙස්ට් වරම් හිමි කණ්ඩායමකට එරෙහිව ද්විපාර්ශ්වික එක්දින තරගාවලියක් ජය ගත් පළමු අවස්ථාව සටහන් කරමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට අයර්ලන්තය මෙරට වේලාවෙන් අද(17) අලුයම සමත් වුණා.

ඒ, දෙරට අතර ජැමයිකාවේ සබීනා පාර්ක් ක්‍රීඩාංගනයේ පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් අයර්ලන්තය කඩුලු 2ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමගයි.

තරගය ජය ගැනීම සදහා ලකුණු 213ක ඉලක්කයක් අයර්ලන්තයට හිමි වූ අතර, තියුණු අවසානයක් ගෙන ආ තරගය ඔවුන් ජය ගත්තේ පන්දුවාර44.5ක් අවසානයේ කඩුලු 8ක් දැවී සිටියදීයි.

Andy McBrine තරගයේ හා තරගාවලියේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ අතර, ඔහු මෙම තරගයේ දී කොදෙව් කණ්ඩායම පන්දුවාර 44.4 ක් තුළ ලකුණු 212කට සීමා කිරීම වෙනුවෙන් දායකත්වය දක්වනු ලැබුවේ සිය පන්දුවාර 10 තුළ දී ලකුණු 28කට කඩුලු 4ක් දවා ගනිමින්.

Craig Young විසින් ද කඩුලු 3 ක් දවා ගනු ලැබුවා.

කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ෂායි හෝප් ලකුණු 53ක් රැස් කළ අතර, ජේසන් හෝල්ඩර් ලකුණු 44 ක් රැස් කළා.

ඉනිමේ පළමු කඩුල්ල සදහා ලකුණු 72ක සබදතාවයක් ෂායි හෝප් හා ජස්ටින් ග්‍රීව්ස් අතර අතර ගොඩ නැගුණු නමුත්, අනතුරුව ඔවුන්ගේ ඉනිමේ බිද වැටීම ආරම්භ වුණා.

ඉනිමේ 7 වැනි කඩුල්ල ලකුණු 119 දී බිිද වැටුණු නමුත්, කොදෙව් ඉනිම යම් ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට හෝල්ඩර් ප්‍රමුඛ පසුපෙල පිතිකරුවන් සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමට ජයග්‍රහනයේ මාවත විවර කර දුන්නේ ද Andy McBrine විසින්.

ඔහු පන්දු 100කින් ලකුණු 59ක් ලබා ගත්තා. Harry Tector ලකුණු 52ක් හා නායක පෝල් ස්ටර්ලින්ග් ලකුණු 44ක් රැස් කරමින් අයර්ලන්ත ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී අකීල් හුසේන් හා රොස්ටන් චේස් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...