කොදෙව්න්ට 0-3ක තරගාවලි පරාජයක්

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද(25) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි තරගයෙන් බංග්ලාදේශය ලකුණු 120ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

Chattogram හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 6ක් දැවී ලකුණු 297ක් ලබා ගත්තා.

නායක ටමිම් ඉක්බාල්, මුෂ්ෆිකර් රහීම් සහ මහ්මුදුල්ලාහ්(නොදැවී) ලකුණු 64 බැගින් රැස් කළ අතර, ශකිබ් අල් හසාන් ද ලකුණු 51ක් රැස් කළා.

පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් සහ Raymon Reifer කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට පන්දුවාර 44.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 177ක් පමණයි.

රොව්මන් පවෙල් ලකුණු 47ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී මොහොමඩ් සයිෆුදීන් කඩුලු 3ක් දවා ගත්තා.

තරගයේ වීරයා ලෙස මුශ්ෆිකර් රහීම් ද, තරගාවලියේ වීරයා ලෙස ශකිබ් අල් හසාන් ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...