කේන් විලියම්සන් තවමත් නවසීලන්ත සංචිතය සමග එක් වී නැහැ

Date:

නවසීලන්ත පිතිකරු කේන් විලියම්සන් ශ්‍රී ලංකාව සමග එළඹෙන 9 වැනිදා ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන බව නවසීලන්ත නායක ටිම් සවුති පවසනවා.

විලියම්සන් මේ වන විට සිය නිවසේ රැදී සිටින්නේ ඔහුගේ මිත්තණියගේ අභාවය හේතුවෙන්.

ඔහු ක්‍රයිස්චර්ච් හී දී ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය ආරම්භයට පෙර නවසීලන්ත සංචිතය සමග එක්වීමට නියමිතයි.

නවසීලන්ත කණ්ඩායම මේ වන විටත් ශ්‍රී ලංකා තරගාවලිය වෙනුවෙන් පුහුණුවීම් කටයුතු ආරම්භ කර ඇතත්, විලියම්සන්ට තවමත් එම පුහුණුවීම් සදහා සම්බන්ධ වීමට හැකි වී නැහැ.

කෙසේ වෙතත්, ඔහු සිය දේශීය කණ්ඩායම වන Northern Districts කණ්ඩායම සමග පුහුණුවීම් කටයුතු සිදු කර ඇති බවයි ටිම් සවුති සදහන් කර සිටියේ.

Watch : වෙනදාට වඩා නවසීලන්තයේ කාලගුණය අපිට හිතකරයි : දිමුත් පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමත් පහදයි

එංගලන්තය සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී එක් ලකුණක ජයක් වාර්තා කළ නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ශතකයක් වාර්තා කළ කේන් විලියම්සන් එම තරගයේ දී ඉතිහාසගත වුණේ නවසීලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් ද වාර්තා කළ පිතිකරුවා බවට පත් වෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...