“කෙළ තරම් දහඩිය ප්‍රබල නැහැ” – ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් පැමිණිලි

Date:

පන්දුව පිරිමැදීම සදහා දහඩිය යොදා ගැනීම මිනිස් කේඨය (කෙළ) යොදා ගැනීම තරම් සාර්ථකත්වයක් පෙන්නුම් නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සදහන් කර තිබෙනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් දින 80ක පමණ කාලයක් පුහුණුවීම් අත්හිටුවීමෙන් අනතුරුව පසුගියදා යළි පුහුණුවීම් ආරම්භ කිරීමෙන් අනතුරුවයි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මේ සම්බන්ධයෙන් කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් වෙත සදහන් කර ඇත්තේ.

පන්දුව පිරිමැදීම සදහා කේඨය යොදා ගැනීම තහනම් කිරීමටත්, ඒ සදහා දහඩිය පමණක් යොදා ගත්නා ලෙසටත් අයි.සී.සී ක්‍රිකට් කමිටුව ද පසුගියදා නිර්දේශ කළා.

ඒ, කොරෝනා වෛසරය ආසාදනය වීමේ අවධානම වළක්වා ගැනීම සදහායි.

මේ වන විට දින 12ක පුහුණුවීම් කාලයක් ආරම්භ කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 13 දෙනාගෙන් 6 දෙනෙකුම වේග පන්දු යවන්නන්.

“පන්දු යවන්නන් සමග කතා බහ කිරීම සිත්ගන්නා සුළු කරුණක් වුණා. ඔවුන් කියනවා දහඩිය නිසා පන්දුව ටිකක් බරින් වැඩි වෙනවා කියලා කෙළවලට වඩා. පන්දුව පිරිමදින්න පන්දු යවන්නන් වඩාත් කැමතිම දේ තමයි කෙළ. නමුත් ඔබට දැන් සිදු වෙනවා වත්මන් තත්ත්වයත් සමග ඉදිරියට යන්න.”

යනුවෙන් මිකී ආතර් cricinfo වෙබ් අඩවිය වෙත සදහන් කළා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...