කුසල් මෙන්ඩිස් රෝහල් ගත කෙරේ ; වනිදුටත් ශල්‍යකර්මයක්

Date:

ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරු කුසල් මෙන්ඩිස් හයිදරාබාද් නුවර රෝහලක් වෙත ඇතුළත් කර තිබෙනවා.

ඒ, පාකිස්තානය සමග මේ වන විට පැවැත්වෙන මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයේ දී මුහුණ දුන් ආබාධයක් හේතුවෙන්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 9 ක් දැවී ලකුණු 344 ක් රැස් කළා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් පන්දු 77කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 122 ක්. හයේ පහර 6කින් හා හතරේ පහර 14 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

එම ඉනිම අතරතුර දී සිදු වූ ආබාධයක් (cramps) හේතුවෙන් වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම සදහා ඔහුව රෝහල්ගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔහු වෙනුවට පාකිස්තාන ඉනිමේ දී දුෂාන් හේමන්ත පන්දු රැකීමේ කාර්යයේ නිරත වන අතර, කඩුලු රැකීමේ වගකීම පැවරී ඇත්තේ සධීර සමරවික්‍රමටයි.

මේ අතර, පාදයක ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා  දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ශල්‍යකර්මයකට මුහුණ දී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...