“ගුටි කාලයි පන්දු යන්නන් ඉගෙන ගන්න ඕනෙ” : කුසල් ජනිත්

Date:

පන්දු යවන්නන් ඉනිමක අවසන් පන්දුවාර 10 නිසි අයුරින් යැවීම සදහා ඉගෙන ගත යුත්තේ පිතිකරුවන්ගෙන් ප්‍රහාරයට ලක්ව ලබන අත්දැකීම් තුළින් බව ශ්‍රී ලංකා නායක කුසල් ජනිත් පෙරේරා පවසනවා.

හෙට(23) ආරම්භ වන ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.

පන්දු යවන්නන්ට එවැනි අවස්ථාවල පන්දු යැවීම සදහා නිසි අවස්ථාවන් ලබා දිය යුතු බවත්, ඔවුන් එහිදී ප්‍රහාරයකට ලක් වුවද ඉන් බොහෝ දේ ඉගෙන ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙන බවත් ශ්‍රී ලංකා නායකය පෙන්වා දෙනවා.

“අවසාන පන්දුවාර 10 ගොඩක් වැදගත්, හැම කණ්ඩායමකටම” යනුවෙන් කුසල් ජනිත් කියා සිටියා.

“ඒ ගොල්ලන්ට ඒ අවසාන පන්දුවාර ටික පන්දු යවන්න දෙන්න ඕනෙ. ගොඩක් වෙලාවට ගුටි කන්න අවස්ථාවක් තියෙනවා. ඒත් එයාලා ඒ ගුටි කෑමෙන් දෙයක් ඉගෙන ගන්නවා. එහෙම නැති වුණොත් අපිට කවදාවත් අවසාන පන්දුවාර 10 දාන්න කෙනෙක් හදා ගන්න බැරි වෙනවා. මම බලාපොරොත්තුවෙන්නේ පන්දු යවන්නන් බැක් කරලා ඔවුන්ට ඒ අවස්ථාව ලබා දෙන්න.”

පිතිකරණ ලැයිස්තුව සම්බන්ධයෙන් ද මෙහිදී කුසල් ජනිත් අදහස් පල කළා.

“අපි පිතිකරණ ලැයිස්තුවේ ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපි පොඩි පොඩි වෙනස්කම් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා මේ තරගාවලියේ දී.”

පන්දු යවන්නන්ට අවසන් පන්දුවාර 10 තුළ පන්දු යවා අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව ලබා දිය යුතු ආකාරයටම පිතිකරුවන්ට ද විවිධ අවස්ථාවල ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙමින් ඔවුන්ට අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව දිය යුතු බවයි ශ්‍රී ලංකා නායකයා වැඩිදුරටත් සදහන් කර සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...