කැඩ්මෝර්ගේ ප්‍රහාරය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පළමු තැන ස්ථාවර කරයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය තහවුරු කර ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද(16) සමත් වුණා.

ඒ, තරගාවලියේ 17 වැනි තරගයෙන් කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පරදා ලකුණු 102ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 193ක් රැස් කරමින් ස්ටාර්ස් කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් වුණා.

ආරම්භක කඩුල්ල සදහා ටොම් කොහ්ලර් කැඩ්මෝර් හා උපුල් තරංග අතර ගොඩ නැගුණු සබදතාවය ලකුණු 110ක්.

තරංග ලකුණු 37කට දැවී ගිය අතර, කැඩ්මෝර් පන්දු 55කින් ලකුණු 92ක් ලබා ගත්තා.

හයේ පහර 8කින් හා හතරේ පහර 5කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

වනිදු හසරංග පන්දු 7කින් ලකුණු 19ක් නොදැවී ලබා ගනිමින් කිංග්ස් ඉනිමට වේගවත් අවසානයක් ලබා දුන්නා.

පන්දු යැවීමේ දී නවීන් උල් හක් ලකුණු 27කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට පන්දුවාර 15.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 91ක් පමණයි.

ටොම් බැන්ටන් ලකුණු 30ක් ලබා ගත් නමුත්, වෙනත් කිසිදු පිතිකරුවෙකුට යම් තරමකින් හෝ සාර්ථක වීමට කිංග්ස් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ජෙයිඩ්න් සීල්ස් ලකුණු 13කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා. විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 32කට කඩුලු 3ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...