කාර්තික් හා ශහ්බාස්ගේ සුපිරි ඉනිම් RCB පිලට විශිෂ්ඨ ජයක් හිමි කර දෙයි

Date:

දිනේෂ් කාර්තික් හා ශහ්බාස් අහ්මඩ්ගේ සුපිරි සටන්කාමී පිතිහරඹය හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 13 වැනි තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අද(5) සමත් වුණා.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ කුමාර් සංගක්කාර පුහුණුකාරීත්වය දරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 169ක් රැස් කළා.

ජොස් බට්ලර් පන්දු 47කින් නොදැවී ලකුණු 70ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට කිසිදු හතරේ පහරක් ඇතුළත් නොවූ අතර, හයේ පහර 6කින් බට්ලර්ගේ ඉනිම වර්ණවත් වුණා.

දෙව්දත් පඩික්කල් ලකුණු 37(29)ක් හා ශිම්රන් හෙට්මයර් නොදැවී ලකුණු 42(31)ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ඩේවිඩ් විලී, වනිදු හසරංග හා හර්ෂාල් පටෙල් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම පන්දුවාර 19.1ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.(173/6)

ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 29ක් හා අනුජ් රාවත් ලකුණු 26ක් ලබා ගනිමින් ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේ පළමු කඩුල්ලට ලකුණු 55ක සබදතාවයක් ද පිහිටුවමින්.

කෙසේ වෙතත්, අනතුරුව ලකුණු 7ක් තුළ ඉනිමේ පළමු කඩුලු 4ම දැවී යාමත් සමග තරගයේ පාලනය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට නතු වුණා. ලකුණු 87ක්ව තිබියදී ඔවුන්ගේ 5 වැනි කඩුල්ල ද බිද වැටුණා.

එවැනි පසුබිමක පිටියේ එක් වූ ශහ්බාස් අහ්මඩ් හා දිනේෂ් කාර්තික් 6 වැනි කඩුල්ලට පන්දු 33කින් වේගවත් ලකුණු 67ක් එක් කිරීමට සමත් වුණේ තරගයේ සම්පූර්ණ පාලනය බැංගලෝර් කණ්ඩායමට හිමි කර දෙමින්.

ශහ්බාස් ලකුණු 45ක් රැස් කළේ පන්දු 26ක් පමණක් වැය කරමින්. කාර්තික් පන්දු 23කින් නොදැවී ලකුණු 44ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් හා යුස්වේන්ද්‍ර චහල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Previous article
Next article

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...