කාර්තික්ගේ සටන්කාමී සුපිරි පිතිහරඹය බැංගලෝරය තෙවැනි තැනට ගෙන යයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 27 වැනි තරගය අද(16) මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී නිමා වුණේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ලකුණු 16ක ජයක් හිමි කර දෙමින්.

ඔවුන් හමුවේ මෙම තරගයෙන් පරාජයට පත් වූයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.

කාසියේ වාසිය දිනූ දිල්ලි කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 189ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ, ඉනිමේ 5 වැනි කඩුල්ල ලකුණු 92 දී බිද වැටුණු පසුබිමකයි.

පසුව කඩුල්ලේ එක් වූ ශහ්බාස් අහ්මඩ් හා දිනේෂ් කාර්තික් 6 වැනි කඩුල්ල සදහා පන්දු 52කින් නොබිදුණු ලකුණු 97 ක සබදතාවයක් ගොඩ නැගීමට සමත් වුණේ බැංගලෝර් ඉනිම ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යමින්.

කාර්තික් පන්දු 34කින් නොදැවී ලකුණු 66ක් ලබා ලබා ගත්තා. ඒ, හයේ පහර හා හතරේ පහර 5 බැගින් එල්ල කරමින්. ඔහු ලකුණු 5ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක් කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් අතින් ගිලිහී යාම තරගයේ තීරණයට බෙහෙවින් බලපානු ලැබුවා. ශහ්බාස් නොදැවී ලකුණු 32(21)යි.

පන්දු යැවීමේ දී ශර්දුල් තාකූර්, කලීල් අහ්මඩ්, අක්සාර් පටෙල් හා කුල්දීප් යාදව් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 173ක් පමණයි.

පළමු කඩුල්ලට පන්දුවාර 4.4ක් තුළ ලකුණු 50ක් එක්කරමින් ඩේවිඩ් වෝනර් හා ප්‍රිත්වි ෂෝ ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දීමට සමත් වුණා.

ෂෝ ලකුණු 16කට දැවී ගිය අතර, වෝනර් පන්දු 38කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 66ක්. හයේ පහර 5ක් හා හතරේ පහර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. වනිදු හසරංගගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙනුයි වෝනර් දැවී ගියේ.

නායක රිෂාබ් පාන්ට් පන්දු 17කින් ලකුණු 34ක් වාර්තා කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත්, ඔහුගේ දැවී යාමත් සමග දිල්ලි කණ්ඩායමේ ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තු බිදී ගියා.

පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් ලකුණු 28කට කඩුලු 3ක් ද, මොහොමඩ් සිරාජ් ලකුණු 31කට කඩුලු 2ක් ද දවා ගත් අතර, වනිදු හසරංග ලකුණු 40කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

මෙම ජයත් සමග බැංගලෝර් පිල ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ස්ථාන 3කින් ඉදිරියට පැමිණීමට සමත් වුණේ ක්‍රීඩා කළ තරග 6න් තරග 4ක් ජය ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...