ක්‍රීඩාංගනයට ගොස් LPL බලන්න ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමි වෙන්නේ මෙහෙමයි

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලිය ද නැරඹීමට අවස්ථාව ලබා දෙන්නේ ක්‍රීඩාංගනයට ඇතුළු කර ගත හැකි ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 50%ක පිරිසකට පමණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටු ප්‍රධානී මහාචාර්යය අර්ජුන ද සිල්වා මහතා පවසනවා.

එල්.පී.එල් තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද(2) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

මේ වන විට ගාල්ල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ද නැරඹීමේ අවස්ථාව හිමිව ඇත්තේ ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 50%ක පිරිසකට පමණයි.

එල්.පී.එල් තරගාවලියේ තරග නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින් ද කොරෝනා වෛරසයට (කොවිඩ් 19) එරෙහි එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් අය විය යුතු බවයි මහාචාර්යය අර්ජුන ද සිල්වා මහතා කියා සිටියේ.

අවම වශයෙන් ක්‍රීඩාංගනයට පිවිසෙන දිනයට සති දෙකකට පෙර දෙවැනි එන්නත් මාත්‍රාව ලබා ගෙන තිබීම ද අනිවාර්යය බව හෙතෙම අවධාරණය කළා.

අවශ්‍ය වුවහොත් පමණක් ප්‍රේක්ෂකයින් ද ඇන්ටිජන් පරීක්ෂාවන්ට ලක් කරන බවයි වෛද්‍ය කමිටු ප්‍රධානීවරයා පැවසුවේ.

ලබන 5 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වෙන එල්.පී.එල් තරගාවලියේ දෙවැනි අදියර ආරම්භ කරමින් පළමු තරගය ගාල්ල හා යාපනය කණ්ඩායම් අතර එළඹෙන 5 වැනිදා පැවැත්වීමට නියමිතයි.

තරග 20කින් යුත් පළමු වටයේ තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, අවසන් වටයේ තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...