ක්‍රිස් කෙයාන්ස් ගැන සුබ ආරංචියක්

Date:

නවසීලන්ත හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් කෙයාන්ස් මේ වන විට ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බව ඔහුගේ නීතිඥවරයා වන Aaron Lloyd පවසනවා.

ඒ අනුව ඔහුව මේ වන විට ජීවිතාධාරක යන්ත්‍රයෙන් ද ඉවත් කර ඇති බවයි Aaron Lloyd නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් ක්‍රිස් කෙයාන්ස් මෙම මාසය මුලදී ඔස්ට්‍රේලියාවේ කැන්බරා හි රෝහලකදී ශල්‍යකර්මයකට ලක් කෙරුණු අතර, පසුව දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබා ගත්තා.

කෙසේ වෙතත්, පසුව ඔහුට තවත් ශල්‍යකර්මයක් සිදු කරනු ලැබුවේ සිඩ්නි නුවර රෝහලකදීයි.

51 හැවිරිදි කෙයාන්ස් 1989 වසරේ සිට 2006 වසර දක්වා වසර 17ක කාලයක් ජාත්‍යන්තර පිටියේ රැදී සිටි අතර, එහිදී ටෙස්ට් තරග 62ක්, එක්දින තරග 215ක් හා 20යි 20 තරග 2ක් වෙනුවෙන් ඔහු නවසීලන්තය නියෝජනය කළා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...