ක්‍රිකට් සභාපති වැඩ භාර ගනියි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත් වූ ශම්මි සිල්වා මහතා සහ සෙසු නිළධාරීන් අද(22) සිය ධුරවල වැඩ භාරගනු ලැබුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ අද දහවල් කාලයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ දී ඔවුන් සිය ධූරයන්හි වැඩ භාර ගත් බවයි.

2023-2025 කාලය සදහා නිලධාරීන් පත් කර ගැනීම වෙනුවෙන් පසුගිය 20 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වුණේ  ක්‍රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම අතරතුරයි.

එහිදී ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා ලෙස යළිත් මොහාන් ද සිල්වා මහතා ද, උප සභාපතිවරුන් ලෙස රවීන් වික්‍රමරත්න හා ජයන්ත ධර්මදාස යන මහත්වරුන් ද, උප ලේකම්වරයා ලෙස ක්‍රිෂාන්ත කපුවත්ත මහතා ද, භාණාඩාගාරික ලෙස සුජීව ගොඩලියද්ද මහතා ද තේරී පත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...