ක්‍රිකට් ක්‍රීඩකයා සහ සෞඛ්‍ය නිළධාරිණියගේ සිද්ධිය ගැන පරීක්ෂණ ඇරඹේ

Date:

මේ දිනවල පැවැත්වෙන එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය අතරතුර දී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සහ කණ්ඩායම සමග රැදී සිටින කාන්තා සෞඛ්‍ය නිළධාරිණියක නුසුදුසු ලෙස හැසුරුණු බවට පල වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදු කළා.

එහිදී ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ මාධ්‍ය විසින් වාර්තා කරන ලද අදාළ පුවතේ බරපතලකම පිළිබද සලකා බලා එහි නිවැරැදිතාවය දැන ගැනීමේ අරමුණින් එම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙසට කණ්ඩායම් කළමණාකරු අසන්ත ද මැල් මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියම කළ බවයි.

කණ්ඩායම් කළමනාකරු සිය වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු, අදාළ සිද්ධිය පිළිබද පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය බවට හදුනා ගතහොත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය නිවේදනයෙන් සදහන් කර සිටියා.

වැරදි හැසිරීම්වලට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අනුගමනය කරන්නේ දැඩි ප්‍රතිපත්තියක් බව සිහිපත් කළ ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් කියා සිටියේ වරදකරු බවට සනාථ වුවහොත් ඕනෑම පාර්ශ්වයකට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...