“ක්‍රිකට් ආයතනයෙන් මට අවසර දුන්නේ නැහැ” : වනිදු

Date:

ආබාධය සහිතව වුව ද ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට තමා සූදානමින් පසු වූ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තමාට ඒ සදහා අවසර ලබා නොදුන් බව බී-ලව් කැන්ඩි කන්ඩායමේ නායක වනිදු හසරංග පවසනවා.

මෙවර LPL තරගාවලියේ අවසන් මහා තරගයෙන් දඹුල්ල අවුරා කණ්ඩායම පරදා කඩුලු 5ක ජයක් වාර්තා කරමින් LPL සිව්වැනි අදියරේ ශූරතාවය දිනා ගැනීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Qualifier 2 තරගයේ දී පිතිකරණයේ නිරතව සිටියදී මහනුවර නායකයා පාදයක ආබාධයට ගොදුරු වුණා.

නමුත්, එම ආබාධය ද පසෙකලා ඔහු පිතිකරණයේ නිරත වෙමින් සිය කණ්ඩායම වෙනුවෙන් පන්දු 30 කින් හයේ පහර 4 ක් හා හතරේ පහර 3 ක් සමගින් ලකුණු 48 ක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙනුණා.

සිය ආබාධය අමතක කළ වනිදු පන්දු යැවීම සදහා ද පිටියට පිවිසි අතර, එහිදී ඔහු පන්දුවාර 4 තුළ ලකුණු 21 කට කඩුලු 2 ක් දවා ගනිමින් සිය කණ්ඩායමට තරගයේ ජයග්‍රහනය සදහා මග විවර කර දුන්නා.

එම තරගයෙන් පසුව සිය ආබාධය පිළිබද අදහස් දක්වමින් වනිදු කියා සිටියේ තමාට අවසන් මහා තරගය ක්‍රීඩා කිරීම සදහා හැකි බවට තමා දැඩි විශ්වාසයකින් පසුවන බවයි.

කෙසේ වෙතත්, එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය හා ලෝක කුසලාන තරගාවලිය පිළිබද අවධානය යොමු කර LPL තරගාවලියේ අවසන් මහා තරගය සදහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තමාට අවසර ලබා නොදුන් බවයි වනිදු අවසන් තරගයෙන් පසුව සඳහන් කළේ.

ආසියානු කුසලාන තරගාවලිය සඳහා තමාට ක්‍රීඩා කළ හැකි දැයි නිශ්චිතව මෙම අවස්ථාවේදී ප්‍රකාශ කළ නොහැකි බව ද ඔහු කියා සිටියා.

වනිදු අද දිනයේ සිට වෛද්‍ය පරීක්ෂණ සඳහා හා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...