කරන්ගේ අර්ධ ශතකය හමුවේ පංජාබ් කණ්ඩායමට කඩුලු හතරක ජයක්

Date:

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා කඩුලු 4 ක තියුණු ජයක් වාර්තා කිරීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම අද(23) සමත් වුණා.

මුල්ලන්පූර්හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 175 ක ඉලක්කයක් හඹා ගිය පංජාබ් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සෑම් කරන් පන්දු 47 කින් ලකුණු 63 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට ජයග්‍රාහී මාවත විවර කර දුන්නා. ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 6ක් ඇතුළත්.

ලියම් ලිවින්ග්ස්ටන් නොදැවී ලකුණු 38(21) ක් රැස් කරමින් පංජාබ් කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී කලීල් අහ්මඩ් හා කුල්දීප් යාදව් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

කාසියේ වාසිය දිනූ පංජාබ් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 174 ක් ලබා ගත්තේ කඩුලු 9ක් දැවී සිටියදීයි.

ඩේවිඩ් වෝනර් ලකුණු 29(21) ක්, මිචෙල් මාෂ් ලකුණු 20(12) ක් හා ෂේයි හෝප් ලකුණු 33(25) ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන් නමුත්, මැදපෙල පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් ලකුණු 200 සීමාවට ළගා වීමේ දිල්ලි පිලේ බලාපොරොත්තු බිද වැටුණා.

අවසන් පන්දුවාරයේ දී ලබා ගත් ලකුණු 25 ද සමගින් පන්දු 10 කින් නොදැවී ලකුණු 32 ක් ලබා ගත් අභිෂේක් පොරෙල් දිල්ලි කණ්ඩායම ලකුණු 170 සීමාව පසු කර රැගෙන යාමට සමත් වුණා. ඔහු මෙම තරගය සදහා වන පළමු 11 දෙනා අතරට ඇතුළත්ව නොසිටි අතර, Impact Player ලෙසයි ඔහු කඩුලු 7 ක් දැවී ගිය පසු පිටියට පිවිසියේ. අක්සාර් පටෙල් ලකුණු 21(13) යි.

පන්දු යැවිමේ දී අර්ෂ්දීප් සිං හා හර්ෂාල් පටෙල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...