කයිරන් පොලාඩ්ට එංගලන්තයෙන් තනතුරක්

Date:

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත පුහුණු කාර්යය මණ්ඩලය සදහා බටහිර ඉන්දීය කොදෙව් හිටපු තුන් ඉරියව් ක්‍රීඩක කයිරන් පොලා්ඩ් ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වෙන එළඹෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ දී 20යි 20 ලෝක ශූර එංගලන්ත කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු ලෙස ඔහු කටයුතු කිරීමට නියමිතයි.

ලොව වටා 20යි 20 ලීග් තරගාවලි රැසක් ක්‍රීඩා කර ඇති ඔහු 20යි 20 තරග 600 කට වඩා වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කර තිබෙනවා.

කොදෙව්වන් වෙනුවෙන් පොලාඩ් ක්‍රීඩා කර ඇති ජාත්‍යන්තර 20යි 20 තරග ගණන 101 ක්. එහිදී ලකුණු 1,569 රැස් කර ඇති ඔහුගේ ප්‍රහාරාත්මක වේගය සටහන්ව ඇත්තේ 135.14 ලෙසයි.

කොදෙව්වන් වෙනුවෙන් ඔහු බිද හෙලා ඇති 20යි 20 කඩුලු ප්‍රමාණය 42 ක්. පොලාඩ් ශ්‍රී ලංකාවේ දී 2012 වසරේ පැවැති පන්දුවාර 20යි 20 ලෝක ශූරතාවය දිනූ කොදෙව් සංචිතයේ සාමාජිකයෙකු ලෙස ද රැදී සිටියා.

2022 වසරේ අප්‍රේල් මාසයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමෙන් පසුව ඔහු ජාත්‍යන්තර මට්ටම් පුහුණුකරු ධූරයක කටයුතු කරන පළමු අවස්ථාව මෙය වනු ඇති.

කෙසේ වෙතත්, මේ වන විටත් ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...