කමින්ස් හා හේසල්වුඩ් ශූරයින්ගේ කුසලානයෙන් ඉවතට – සංචිතයට වෙනස්කම් 4 ක් සිදු වන ලකුණු

Date:

ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස්ට හා වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ්ට එළඹෙන ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබෙනවා. ඒ, ඔවුන් දෙදෙනාම මුහුණ දී සිටින ආබාධ හේතුවෙන්.

ශූරයින්ගේ කුසලාන එක්දින තරගාවලියට අදාළ සංචිතවලට සංශෝදන සිදු කිරීම සදහා පෙබරවාරි 12 වැනිදා දක්වා සියලු කණ්ඩායම් වෙත අවස්ථාව පවතිනවා. අනතුරුව සිදු කරන වෙනස්කම් සදහා අයි.සී.සී අනුමැතිය අවශ්‍යවනවා.

ජනවාරි 13 වැනිදා නම් කෙරුණු ඔස්ට්‍රේලියානු සංචිතයට අවම වශයෙන් වෙනස්කම් 4 ක් සිදු කිරීමට මේ වන විට ඔස්ට්‍රේලියාවට සිදුව තිබෙනවා.

කමින්ස් හා හේසල්වුඩ් හැරුණු විට මිචෙල් මාෂ් ද ආබාධයකට ලක්ව සිටින බැවින් ඔහුට ද තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා. මර්කස් ස්ටොයිනිස් එක්දින පිටියෙන් සමු ගැනීමට පසුගියදා තීරණය කළේ ශූරයින්ගේ කුසලාන තරගාවලියෙන් ද ඉවත් වෙමින්.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන්නේ ද පෙබරවාරි 12 වැනිදායි.

එම තරග දෙක සදහා වන සංචිතයට Sean Abbott, Spencer Johnson, Ben Dwarshuis, Tanveer Sangha, Cooper Connolly, Jake Fraser-McGurk යන ක්‍රීඩකයින් කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ස්ටීවන් ස්මිත් හෝ ට්‍රැවිස් හෙඩ් ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියේදී හා ශූරයින්ගේ කුසලාන තරගාවලියේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවීමට ඉඩ තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...