කඩුලු 8ක පහසු ජයකින් මුම්බායි පිල යළි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 32 වන තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණ තමන් සතු කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ අබුඩාබිහි පැවැති මෙම තරගයෙන් පරාජයට පත් වූ‍යේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොල්කටා කණ්ඩායමේ නව නායක ඔයින් මෝර්ගන් පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, ඊට ප්‍රබල ප්‍රතිචාරයක් දැක් වූ මුම්බායි පන්දු යවන්නන් කොල්කටා පිලේ කඩුලු 5ක් ලකුණු 61ක්ව තිබියදි බිද හෙලුවා.

අනතුරුව හයවැනි කඩුල්ල සදහා නොබිදිණු ලකුණු 87ක සබදතාවයක් ගොඩ නැගීමට නායක ඔයින් මෝර්ගන් සහ පැට් කමින්ස් සමත් වුණා.

සිය මංගල 20යි 20 අර්ධ ශතකය වාර්තා කළ කමින්ස් පන්දු 36කින් ලකුණු 53ක් රැස් කළ අතර, මෝර්ගන් ලකුණු 39ක් රැස් කළා.

මෙවර තරගාවලියේ දී ලකුණු අතරට සාර්ථකව අවතීර්ණ වීමට නොහැකි වූ දිනේෂ් කාර්තික් සහ ඇන්ඩ්‍රි රසල් මෙම තරගයේ දී ද පිළිවෙලින් ලකුණු 4කට සහ 12කට දැවී ගියා.

පන්දු යැවීමේ දී මුම්බායි පිල වෙනුවෙන් රාහුල් චහාර් ලකුණු 18කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරගයේ ජය තමන් සතු කර ගත්තේ පන්දුවාර 16.5ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී සිටියදීයි.

පළමු කඩුල්ලට ලකුණු 94ක සබදතාවයක් ගොඩ නැගීමට නායක රෝහිට් ෂර්මා සහ ක්වෙන්ටන් ඩී කොක් සමත් වුණා.

ෂර්මා ලකුණු 35 කට දැවී ගිය අතර, ක්වෙන්ටන් ඩී කොක් නොදැවී ලකුණු 78යි.

පන්දු 44කින් වාර්තා වූ ඩී කොක්ගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 9ක් ඇතුළත්.

ඒ අනුව මේ වන විට මුම්බායි කණ්ඩායම තරග 8කට ක්‍රීඩා කර තරග 6ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 12ක් හිමි කර ගෙන සිටිනවා.

තරග 8කින් ප්‍රසාද ලකුණු 12ක්ම හිමි කර ගෙන ඇති දිල්ලි කණ්ඩායමට මේ වන විට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි.

බැංගලෝර් කණ්ඩායම 3 වන ස්ථානයේත්, කොල්කටා කණ්ඩායම සිව්වන ස්ථානයේත් පසුවන අතර, පන්ජාබ් පිල තවදුරටත් අවසන් ස්ථානයේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...