කඩුලු 7ක ජයත් සමග දකුණු අප්‍රිකාවේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු ඉහළට

Date:

2024 පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුුලු 7ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ B කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගෙන සිටින දකුණු අප්‍රිකාව මූලික වටය අවසන් කළේ ක්‍රීඩා කළ තරග හතරෙන් තරග 3ක් ජය ගනිමින්.

ප්‍රසාද ලකුණු 6කට හිමිකම් කියන දකුණු අප්‍රිකාවේ ශුද්ධ ලකුණු වේගය මේ වන විට සටහන්ව ඇත්තේ 1.382 ක් ලෙසයි. ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා දකුණු අප්‍රිකාවට වැඩි අවස්ථාවක් උදා වී තිබෙනවා. (ප්‍රසාද ලකුණු සටහන පහතින්)

බංග්ලාදේශය ද මූලික වටයේ තම සියලු තරග මේ වන විට ක්‍රීඩා කර අවසන්ව ඇති අතර, ඔවුන් තරගාවලියේ දී ජය ගත්තේ එක් තරගයක් පමණයි. ස්කොට්ලන්තයට ද අවසන් පූර්ව වටය අහිමි වී අවසන්.

ඒ අනුව B කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් දෙක බවට පත් වීම සදහා මේ වන විට දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්වන් හා එංගලන්තය අතර සටනක් නිර්මාණය වී තිබෙනවා.

ඩුබායිහි පැවැති තරග‍යේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 3 ක් දැවී ලකුණු 106 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව ඉනිම නිමා වීමට පන්දු 16 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

විස්සයි 20 කාන්තා ලෝක කුසලාන තරගයකදී කණ්ඩායමක් සම්පූර්ණ පන්දුවාර ප්‍රමාණය ක්‍රීඩා කර කඩුලු 3ක් හෝ ඊට වඩා අඩු ප්‍රමාණයක් දැවී ගොස් රැස් කර ගත් අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි බංග්ලාදේශය මෙම තරගයේ දී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව ඉතිහාසයට එක් වුණේ.

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළේ Sobhana Mostary. ඇය ලකුණු 38 කට දැවී ගිය අතර, නායිකා Nigar Sultana නොදැවී ලකුණු 32 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Marizanne Kapp, Annerie Dercksen හා Nonkululeko Mlaba කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු දකුණු අප්‍රිකා ඉනිම වෙනුවෙන් Tazmin Brits ලකුණු 42 ක් හා Anneke Bosch ලකුණු 25 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Fahima Khatun ලකුණු 19 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...