කඩුලු 7ක ජයක් සමගින් SRH පළමු කණ්ඩායම් 4 අතරට

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 28 වැනි තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු කණ්ඩායම් 4 අතරට පිවිසීමට සන්රයිසස් හයිදරාබාද් (SRH) කණ්ඩායම අද(17) සමත් වුණා.

මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ පංජාබ් කිංග්ස් කණ්ඩායමයි.

පංජාබ් කණ්ඩායමේ නායක මයාන්ක් අගාර්වල් ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම තරගයේ දී එම කණ්ඩායමේ නායකත්වය දරනු ලැබුවේ ශිකර් ධවාන් විසින්.

තරගයේ කාසියේ වාසිය දිනූ සන්රයිසස් පිල පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි පංජාබ් පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 151ක් පමණයි.

නායක ධවාන් ලකුණු 8කටත්, මයාන්ක් අගාර්වල් වෙනුවට කණ්ඩායමට පැමිණි Prabhsimran Singh ලකුණු 14කටත් දැවී ගියා. භානුක රාජපක්ෂ වෙනුවට කණ්ඩායමට පැමිණිය ද පසුගිය තරග කිහිපය පුරාම අසාර්ථක වූ ජොනී බෙයාර්ස්ටව් මෙම තරගයේ දී ද ලබා ගත්තේ ලකුණු 12ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් ලියම් ලිවින්ග්ස්ටන් නැවතත් සිය සුපුරුදු ප්‍රහාරාත්මක ඉනිම දියත් කරමින් පන්දු 33කින් ලකුණු 60ක් ලබා ගත්තා. හයේ පහර 4ක් හා හතරේ පහර 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ශාරුක් ඛාන් ලකුණු 26(28)යි.

පන්දු යැවීමේ දී උම්රාන් මලික් ලකුණු 28කට කඩුලු 4ක් දවා ගත්තා. ඉනිමේ අවසන් පන්දුවාරය ද ඔහු විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ දී ප්‍රතිවාදීන්ට කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ. පංජාබ් ඉනිමේ අවසන් කඩුලු හතරම එම පන්දුවාරයේ දී (දුවද්දී දැවී යාමක් ද සමග) දැවී යාම කැපී පෙනුණා.

බුවනේෂ්වර් කුමාර් ලකුණු 22කට බිද හෙලූ කඩුලු ගණන 3ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පන්දුවාර 18.5ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක කේන් විලියම්සන් ලකුණු 3කට දැවී ගිය අතර, අභිෂේක් ෂර්මා ලකුණූ 31(25)යි. රාහුල් ත්‍රිපාති ලකුණු 34(22)ක් ලබා ගත්තා.

ඒඩ්න් මාක්‍රම් නොදැවී ලකුණු 41(27)ක් ද, නිකලස් පූරාන් නොදැවී ලකුණු 35(30)ක් ද ලබා ගනිමින් සන්රයිසස් පිල ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී රාහුල් චහාර් ලකුණු 28කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

https://twitter.com/Imrohansharma45/status/1515670987404062720?t=XSxPom3qaNiLrK78mkqu-Q&s=19

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...