කඩුලු 7ක ජයක් සමගින් දකුණු අප්‍රිකාව තරගාවලියේ ජය තහවුරු කර ගනියි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද(21) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි තරගයෙන් දකුණු අප්‍රිකාව කඩුලු 7ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

තරගය ජය ගැනීම සදහා දකුණු අප්‍රිකාවට ලකුණු 288ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් එය පසු කර ගියේ පන්දුවාර 48.1ක් අවසානයේ කඩුලු 3ක් දැවී සිටියදීයි.

ආරම්භක කඩුල්ල සදහා ක්වෙන්ටන් ඩී කොක් හා ජනෙමන් මලාන් ලකුණු 132ක සබදතාවයක් ගොඩ නැගුවා.

එම සබදතාවය බිද වැටුණේ ඩී කොක් ලකුණු 78කට දැවී යාමත් සමගයි.

මලාන් ලකුණු 91කට දැවී ගියා. නායක ටෙම්බා බවුමා රැස් කළ ලකුණු සංඛ්‍යාව 35ක්.

දකුණු අප්‍රිකාව ජයග්‍රාහී සීමාව කරා රැගෙන ගිය ඒඩ්න් මාක්‍රම් හා රසී වැන් ඩර් ඩුසේන් නොදැවී ලකුණු 37 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා, යුස්වේන්ද්‍ර චහෙල් හා ශර්දුල් තාකූර් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 287ක් රැස් කළේ කඩුලු 6ක් දැවී සිටියදීයි.

කේ.එල් රාහුල් ලකුණු 55ක් හා රිෂාබ් පාන්ට් ලකුණු 85 ලබා ගනිමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළා.

ශර්දුල් තාකූර් නොදැවී ලකුණු 40 ක් ලබා ගත් අතර, හිටපු නායක විරාට් කෝලි ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියා.

පන්දු යැවීමේ දී ටැබ්රයිස් ශම්සි කඩුලු 2ක් බිද හෙලුවා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය මේ වන විට තරග 2-0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ දකුණු අප්‍රිකාවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...