කඩුලු 6ක ජයකින් ලෝක කුසලානයට බංග්ලාදේශයෙන් ජයග්‍රාහී ආරම්භයක්

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් ඇෆ්ඝනිස්තානය පරදා කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම අද(7) සමත් වුණා.

ධරම්ශාලා හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 157 ක පහසු ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශය කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 34.4 ක් අවසානයේ දී යි.

මෙහිදි හසාන් මිරාස් ලකුණූ 57 ක් හා නජ්මුල් හොසේන් ශන්ටෝ නොදැවී ලකුණු 59 ක් රැස් කළා. පන්දු යැවීමේ දී ෆසල්හක් ෆරූකි, නවීන් උල් හක් හා අස්මතුල්ලාහ් ඔමර්සායි කඩුල්ල බැගින් දවා ගත්තා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 156 කට දැවී ගියේ පන්දුවාර 37.2 ක් අවසානයේ දී යි.

රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 47 ක් රැස් කළ අතර, ඊබ්‍රහීම් සඩ්‍රාන් හා අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 22 බැගින් ලබා ගත්තා.

පළමු පන්දුවාර 15 තුළ දී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 83 ක් රැස් කර තිබුණා. කෙසේ වෙතත්, ඉන් අනතුරුව යොමු කෙරුණු පන්දුවාර 22.2 තුළ දී ඇෆ්ඝනිස්තානය කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 73 ක් පමණයි.

පන්දු යැවීමේ දී ශකිබ් අල් හසාන් හා මෙහිදි හසාන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...