කඩුලු 6ක් දවා ගත් හෝල්ඩර්ගෙන් එංගලන්තයට අනතුරු ඇගවීමක්

Date:

එංගලන්තය සමග සවුත්හැම්ටන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දී කඩුලු 6ක් දවා ගැනීමෙන් අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් එංගලන්තයට අනතුර ඇගවීමක් සිදු කළා.

ඒ, තමා දැක් වූ සිය හොදම පන්දු යැවීමේ දක්ෂතාවයත් සමග පිත්තෙන් ශතකයක් ද වාර්තා කිරිමට අවශ්‍ය බව පවසමින්.

දෙවැනි දිනයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

ජේසන් හෝල්ඩර් ලකුණු 42කට කඩුලු 6ක් දවා ගනිමින් දැක් වූ සුපිරි දක්ෂතාවය හේතුවෙන් එංගලන්ත පළමු ඉනිම ලකුණු 204කට සීමා වුණා.

“ලෝඩ්ස් ක්‍රීඩාගනයේ ගෞරවනීයන්ගේ පුවරුවට ඇතුළත් වීමටයි මට ගොඩක්ම අවශ්‍ය වුණේ. අපි ලෝඩ්ස්වල ක්‍රීඩා කරන්න නියමිතව තිබුණත් කොරෝනා වසංගතය නිසා ඒක මරු කරන්න වුණා. එංගලන්තයේ දී ශතකයක් වාර්තා කිරීමත් කඩුලු පහක් දවා ගැනීමත් මම හැම විටම උත්සාහ කරපු දෙයක්.”

යනුවෙන් ජේසන් හෝල්ඩර් සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...