කඩුලු හතක ජයකින් ස්ට්‍රයිකර්ස් අබුඩාබි T10 ශූරයින් වෙයි

Date:

2023 අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අද(9) සමත් වුණා.

ඒ, තරගාවලියේ අවසන් මහා තරගයෙන් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරදා කඩුලු හතක ජයක් වාර්තා කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ ස්ට්‍රයිකර්ස් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 91 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්ට්‍රයිකර්ස් පිල පන්දුවාර 9.2 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

අසිෆ් අලී නොදැවී ලකුණු 48 ක් ලබා ගත්තේ පන්දු 25 කින්. හයේ පහර 4 ක් හා හතරේ පහර 2ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

නායක කයිරන් පොලාඩ් පන්දු 13 කින් නොදැවී ලකුණු 22 ක් ලබා ගත් අතර, නිරෝෂන් දික්වැල්ල ලකුණු 14(12) කට දැවී ගියා. ශ්‍රී ලංකාවේ චාමික කරුණාරත්න ද ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටියා.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 13 කට කඩුල්ලක් දවා ගත් අතර, නුවන් තුෂාර ලකුණු 23 කට කඩුල්ලක් බිද හෙලුවා. අන්ඩ්‍රි රසල් කඩුල්ලක් දවා ගත්තේ ලකුණු 13 ක් ලබා දෙමින්.

පළමුව පන්දුවට පහරදුන් ග්ලැඩියේටර් කණ්ඩායම වෙනුවෙන් අන්ඩ්‍රි රසල් නොදැවී ලකුණු 30(18) ක් ද, ඩේවිඩ් වීසා නොදැවී ලකුණු 20(11) ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී සුනිල් නරේන් ලකුණු හයකට කඩුලු දෙකක් බිද හෙලුවා.

ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අබුඩාබි T10 ශූරතාවය දිනූ පළමු අවස්ථාව මෙයයි. පසුගිය තරගාවලි ද්විත්වයේම ශූරතාවය දිනා ගත්තේ ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...