ඔස්ට්‍රේලියාව දෙවැනි ටෙස්ට් තරගයේත් ජයග්‍රහනය අභියස

Date:

අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ සිව්වන දිනය අද(19) නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු ඔස්ට්‍රේලියාව වෙත හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවන ඉනිමේ දී තරගය ජය ගැනීම සදහා ලකුණු 468ක ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්තය කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 82ක්.

රෝරි බර්න්ස් ලකුණු 34ක් රැස් කළ අතර, ඩාවිඩ් මලාන් ලකුණු 20යි. ජෝ රූට් ලකුණු 24කට දැවී ගියේ දිනයේ අවසන් පන්දුවාරයේ දී යි.

පන්දු යැවීමේ දී ජයි රිචර්ඩ්සන් කඩුලු 2ක් බිද හෙලූ අතර, මයිකල් නෙසර් හා මිචෙල් ස්ටක් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගය අද දිනට ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව, අද දිනයේ දී ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 9ක් දැවී ලකුණු 230ක් ලබා සිටියදී යි.

මර්නස් ලබුෂේන් හා ට්‍රැවිස් හෙඩ් ලකුණු 51 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඔලී රොබින්සන්, ජෝ රූට් හා ඩාවිඩ් මලාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 9ක් දැවී ලකුණු 473ක් ලබා සිටියදී ඉනිම අත්හිටු වූ අතර, පිළිතුරු ලෙස එංගලන්තය රැස් කළේ ලකුණු 236ක් පමණයි.

ඒ අනුව තරගය ජය ගැනීම සදහා එංගලන්තය තවත් ලකුණු 386 ක් ලබා ගත යුතු අතර, ඔස්ට්‍රේලියාව තවත් කඩුලු 6ක් දවා ගත යුතුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...