එංගලන්තයට එරෙහි තරග 5කින් යුත් අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 275ක ජයක් වාර්තා කරමින් තරග 2-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියාව අද(20) සමත් වුණා.
ඇඩිලේඩ්හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 468ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තයට තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 192ක් පමණයි.
ක්‍රිස් වෝක්ස් ලකුණු 44(97)ක් ද, ජොස් බට්ලර් ලකුණු 26(207) ක් ද රැස් කරමින් එංගලන්තය පරාජයෙන් ගලවා ගැනීමට දැඩි උත්සාහයක නිරත වුවත් එය සාර්ථක වූයේ නැහැ.
බට්ලර් දැවී ගියේ අවාසනාවන්ත ලෙස හිට් විකට් දැවී යාමකට හසු වීමෙන්. (දර්ශන පහතින්)
රෝරි බර්න්ස් ලකුණූ 34ක් හා ජෝ රූට් ලකුණූ 24ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී ජයි රිචර්ඩ්සන් කඩුලු 5ක් දවා ගත්තා.
Jhye Richardson is pumped, and he deserved that! #OhWhatAFeeling
Is that the wicket that breaks England’s resistance? #Ashes | @Toyota_Aus pic.twitter.com/1IAcKk78mW
— cricket.com.au (@cricketcomau) December 20, 2021
මිචෙල් ස්ටක් හා නේදන් ලියෝන් අතරද කඩුලු 2 බැගින් බෙදී ගියා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 9ක් දැවී ලකුණු 473ක් ලබා සිටියදී ඉනිම අත්හිටු වූ අතර, පිළිතුරු ලෙස එංගලන්තය රැස් කළේ ලකුණු 236ක් පමණයි.
අනතුරුව සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 9ක් දැවී ලකුණු 230ක් ලබා සිටියදී යි.
පළමු ඉනිමේ දී ශතකයක් හා දෙවන ඉනිමේ දී අර්ධ ශතකයක් වාර්තා කළ මර්නස් ලබුෂේන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.
What a way to end an epic innings! 😲
That’s the first time Buttler has been dismissed hit wicket in his 193-innings first class career #Ashes pic.twitter.com/nRP09djjay
— cricket.com.au (@cricketcomau) December 20, 2021

