ඔස්ට්‍රේලියාවෙන් චමරිට තවත් තිළිණයක් – ලෝක එක්දින කණ්ඩායමේ නායකත්වය චමරිට

Date:

ඔස්ට්‍රේලියාවේ සුප්‍රකට Cricket.com.au වෙබ් අඩවිය විසින් 2023 වසරේ කාන්තා ලෝක එක්දින කණ්ඩායම නම් කර තිබෙනවා.

මෙම ලෝක කණ්ඩායමේ නායිකාව ලෙස ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පත් කර තිබීම විශේෂත්වයක්. ඇයගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටින එකම ශ්‍රී ලංකා ක්‍රීඩිකාව වන්නේ ද චමරි අතපත්තුයි.

චමරිගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව පසුගිය වසරේ දී නවසීලන්තයට එරෙහිව ඓතිහාසික එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට ද සමත් වුණා.

මෙම එක්දින ‍ලෝක කණ්ඩායමට කිසිදු ඉන්දීය ක්‍රීඩිකාවක් ඇතුළත් කර නොතිබීම ද කැපී පෙනෙනවා.

නමුත්, බංග්ලාදේශ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ලෝක කාන්තා එක්දින කණ්ඩායමට නම් කර ඇති අතර, ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු, නවසීලන්ත ක්‍රීඩිකාවන් දෙදෙනෙකු, එංගලන්ත හා දකුණු අප්‍රිකා ක්‍රීඩිකාවන් එක් අයෙකු බැගින් මෙම කණ්ඩායමට ඇතුළත්.

Cricket.com.au වෙබ් අඩවිය විසින් නම් කර ඇති වසරේ කාන්තා ලෝක එක්දින කණ්ඩායම –

  1. Amelia Kerr (New Zealand)
    M: 9 | Inns: 9 | Runs: 541 | Ave: 67.62 | SR: 87.68 | 100s: 2 | 50s: 3 | HS: 108 ; Wkts: 8 | Ave: 46.12 | Eco 4.96 | BBI: 3-44 | 4W: 0
  2. Phoebe Litchfield (Australia)
    M: 13 | Inns: 12 | Runs: 485 | Ave: 53.88 | SR: 81.92 | 100s: 1 | 50s: 4 | HS: 106no
  3. Chamari Athapaththu (Sri Lanka)(c)
    M: 8 | Inns: 8 | Runs: 415 | Ave: 69.16 | SR: 108.12 | 100s: 2 | 50s: 1 | HS: 140no
  4. Ellyse Perry (Australia)
    M: 12 | Inns: 10 | Runs: 467 | Ave: 66.71 | SR: 91.03 | 100s: 0 | 50s: 5 | HS: 91
  5. Natalie Sciver-Brunt (England)
    M: 6 | Inns: 5 | Runs: 393 | Ave: 131 | SR: 108.12 | 100s: 3 | 50s: 0 | HS: 129
  6. Beth Mooney (Australia)
    M: 13 | Inns: 11 | Runs: 439 | Ave: 62.71 | SR: 90.14 | 100s: 1 | 50s: 2 | HS: 133 | Ct: 6 | St: 1
  7. Sophie Devine (New Zealand)
    M: 9 | Inns: 9 | Runs: 346 | Ave: 43.25 | SR: 108.12 | 100s: 1 | 50s: 1 | HS: 137 ; Wkts: 12 | Ave: 20.33 | Eco: 4.97 | BBI: 3-25 | 4W: 0
  8. Ashleigh Gardner (Australia)
    M: 13 | Inns: 7 | Runs: 188 | Ave: 31.33 | 100s: 0 | 50s: 1 | HS: 65 ; Wkts: 24 | Ave: 16.37 | Eco: 4.2 | BBI: 3-30 | 4W: 0
  9. Nadine de Klerk (South Africa)
    M: 9 | Inns: 7 | Runs: 181 | Ave: 45.25 | 100s: 0 | 50s: 2 | HS: 60 ; Wkts: 16 | Ave: 16.68 | Eco: 4.17 | BBI: 4-32 | 4W: 1
  10. Nahida Akter (Bangladesh)
    M: 11 | Wkts: 20 | Ave:19.45 | Eco: 4.08 | BBI: 3-24 | 4W: 0
  11. Marufa Akter (Bangladesh)
    M: 9 | Wkts: 10 | Ave: 25.8 | Eco: 4.52 | BBI: 4-29 | 4W: 1

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...