ඔස්ට්‍රේලියානු වේග පන්දු අභියෝගයට දින දෙකක් පුහුණුවීම් කරා : අසලංක සැලසුම් පහදයි

Date:

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරියේ දී තවදුරටත් තරග රැසක් ජයග්‍රහනය කරවීමට අපේක්ෂාවෙන් පසුවන බව ශ්‍රී ලංකා මුල්පෙල පිතිකරු චරිත් අසලංක පවසනවා.

මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ හෙට(28) ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද(27) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

කණ්ඩායමේ සිටින අත්දැකීම් සහිත ක්‍රීඩකයින්ගෙන් තමන් ඇතුළු යොවුන් ක්‍රීඩකයින් බොහෝ කරුණු පිළිබද ඉගෙන ගන්නා බව ද චරිත් මෙහිදී කියා සිටියා.

මේ අතර, ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගය සදහා ද වෙනම සැලසුමක් සකස් කර ඇති බවයි චරිත් අසලංක පෙන්වා දුන්නේ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම් ශක්තිය වේග පන්දු යවන්නන් බවත්, ඔවුන්ට මුහුණ දීම සදහා පසුගිය දින කිහිපයේ දී හොදින් පුහුණුවීම් සිදු කළ බවත්, ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

මෙවර තරගාවලියේ 22 වන තරගය ලෙසින් ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර තරගය හෙට මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ඩුබායි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...