ඔස්ට්‍රේලියානු නායිකාව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා මැග් ලෙනින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි ඇය මෙම තීරණය ගෙන ඇත්තේ තවමත් 31 වන වියේ පසු වන පසුබිමකයි.

පසුගිය පෙබරවාරි මාසයේ දී දකුණු අප්‍රිකාවේ දී 20යි 20 කාන්තා ලෝක ශූරතාවය ජය ගැනීමෙන් පසුව මැග් ලෙනින් මෙතෙක් කිසිදු ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර තිබුණේ නැහැ.

අනාවරණය නොකළ සෞඛ්‍ය ගැටලුවක් හේතුවෙන් ඇය ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය සදහා එක් වූයේ නැහැ.

එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග මෑතකදී පැවැති 20යි 20 හා එක්දින තරගාවලි සදහා ද මැග් ලෙනින් ක්‍රීඩා කළේ නැහැ.

මේ දිනවල පැවැත්වෙන කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලියේ දී ඇය මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කරන අතර, ජාත්‍යන්තර පිටියෙන් සමු ගත් නමුත්, ඇය තවදුරටත් දේශීය තරගාවලි ක්‍රීඩා කරනු ඇති.

වසර 13 ක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැදී සිටි මැග් ලෙනින් එහිදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 6ක්, එක්දින තරග 103 ක් හා 20යි 20 තරග 132 ක් ක්‍රීඩා කර තිබෙනවා.

ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ සාර්ථකම නායිකාවක් ලෙස සැලකෙන ලෙනින් 20යි 20 ලෝක ශූරතා 4 ක්, එක්දින ලෝක ශූරතාවයක් හා පොදු රාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම සිය කණ්ඩායමට හිමි කර දීම වෙනුවෙන් නායකත්වය දෙනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...