ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට වෙනස්කම් දෙකක්

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතයට වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.

දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දී ආබාධවලට ලක් වූ මිචෙල් ස්ටක් හා කැමරන් ග්‍රීන්ට තෙවැනි ටෙස්ට් තරගය අහිමි වීමත් සමගයි මෙම වෙනස්කම් දෙක සිදු කර ඇත්තේ.

ඒ අනුව ඇෂ්ටන් ඒගාර් හා මැට් රේන්ෂෝ ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය සදහා කැදවීමට පියවර ගෙන තිබෙනවා.

තෙවැනි ටෙස්ට් තරගය සදහා ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ප්‍රධාන දග පන්දු යවන්නන් දෙදෙනෙකු ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ පවතිනවා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය මේ වන විටත් තරග 2-0 ක් ලෙස ඔස්ට්‍රේලියාව ජය ගෙන ඇති අතර, අවසන් ටෙස්ට් තරගය එළඹෙන 4 වැනිදා සිඩ්නි හී දී ආරම්භ වීමට නියමිතයි.

Australia’s squad for Sydney Test :

Pat Cummins (c), Ashton Agar, Scott Boland, Alex Carey, Marcus Harris, Josh Hazlewood, Travis Head, Usman Khawaja, Marnus Labuschagne, Lance Morris, Nathan Lyon, Matthew Renshaw, Steve Smith, David Warner

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...