ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ 200කට රැකියා අහිමි වෙයි

Date:

සිය කාර්ය මන්ඩලයේ සේවකයින් 40 දෙනෙකු ඉවත් කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, කොරෝනා වංසගතයත් සමග ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට පිළියමක් වශයෙන්.

ඒ අනුව මාර්තු මාසයේ දී වත්මන් අර්බුදය ආරම්භ වූ දා සිට මේ දක්වා එරට ක්‍රිකට් ආයතනයේ රැකියා අහිමි වූ සංඛ්‍යාව 200ක් පමණ වනවා.

ඊට අමතරව ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වයේ ප්‍රසාද දීමනා කප්පාදු කිරීමට ද තීරණය කර ඇති බව සදහන්.

එමෙන්ම A කණ්ඩායමේ තරග සංචාර තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගෙන තිබෙනවා.

එරට ක්‍රිකට් ආයතනය ආර්ථික අර්බුද තත්ත්වයෙන් මිදීම සදහා සිය වාර්ෂික වියදමෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 40ක කප්පාදුවක් සිදු කිරීමට ද මේ වන විට පියවර ගෙන ඇති බව සදහන්.

කොරෝනා වසගංත තත්ත්වයත් සමග ක්‍රියා කළ ආකාරය, ගනු ලැබූ දැඩි තීන්දු තීරණ හේතුවෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී කෙවින් රොබට්ස් දැඩි ලෙස විවේචනයට ද ලක් වූ අතර, අනතුරුව ඔහු පසුගිය අගහරුවාදා සිය ධූරයෙන් ඉල්ලා අස් වුණා.

මේ වන විට එරට ක්‍රිකට් ආයතනයේ වැඩබලන ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස කටයුතු කරන්නේ Nick Hockley.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...