ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තරග කාලසටහන නිවේදනය කෙරේ

Date:

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(25) නිවේදනය කළා.

ජූනි හා ජූලි මාසවලදී සිදු කරන මෙම තරග සංචාරයේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව 20යි 20 තරග 3ක්, එක්දින තරග 5ක් හා ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වන්නේ ​වසර 6කට පසුව වීම විශේෂත්වයක්.

තරග සංචාරයට අයත් සීමිත පන්දුවාර තරගාවලි කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී හා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන්නේ ගාල්ල ක්‍රීඩාංගනයේ දී යි.

20යි 20 තරගාවලිය ජූනි 7 වැනිදා ද, එක්දින තරගාවලිය ජූනි 14 වැනිදා ද, ටෙස්ට් තරගාවලිය ජූනි 29 වැනිදා ද ආරම්භ වීමට නියමිතයි.

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...