ඔවුන්ගේ පුහුණුකරුවා එය හොදටම කළ අයෙක් : ඒගාර්ගෙන් බංග්ලාදේශයට පැසසුමක්

Date:

ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහි ඕනෑම තරග රටාවකින් ලැබූ පළමු ද්විපාර්ශ්වික තරගාවලි ජය වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් වූ බව අප මීට පෙර ඔබට තොරතුරු වාර්තා කළා.

ඒ, දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් 20යි 20 තරගාවලියේ පළමු තරග තුනම ඔවුන් ජය ගැනීමත් සමගයි.

මෙම ජයග්‍රහනය සදහා බංග්ලාදේශ දග පන්දු යවන්නන්ගෙන් ලද දායකත්වය සුළුපටු නොවේ.

ඔස්ට්‍රේලියානු දග පන්දු යවන්නන්ට සාපේක්ෂව බංග්ලාදේශ දග පන්දු යවන්නන් මේ වන විට මෙම තරගාවලියේ දී කැපී පෙනන දක්ෂතා ප්‍රදර්ශනය කර තිබෙනවා.

බංග්ලාදේශ කණ්ඩායමේ දග පන්දු උපදේශක ලෙස මේ වන විට කටයුතු කරන්නේ ශ්‍රී ලංකා හිටපු දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්.

බංග්ලාදේශ දග පන්දු යවන්නන්ගේ දක්ෂතා සදහා ඔහුගෙන් ද සුවිශේෂී සේවයක් පසුගිය දිනවලදී සිදුව ඇති බවයි බොහෝ ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.

බංග්ලාදේශ දග පන්දු යවන්නන් ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු තරගවලදී දැක් වූ දක්ෂතා ඔස්ට්‍රේලියානු දග පන්දු යවන ක්‍රීඩක ඇෂ්ටන් ඒගාර් විසින් ද ඇගයීමට ලක් කළා.

විශේෂයෙන් ඔහු පෙන්වා දුන්නේ බංග්ලාදේශ දග පන්දු යවන්නන් පන්දු යැවූ ආකාරය රංගන හේරත් පන්දු යැවූ ආකාරයට සමාන බවයි.

“ඔවුන්ගේ පන්දු ගොඩක් වෙලාවට කෙළින්ම කඩුල්ලේ වැදුණා. ඔවුන්ට හොඳින් පන්දුව උඩු ගුවනේ ඉපිල්ලවීමට හැකියාව තියෙනවා.” යනුවෙන් ඒගාර් සදහන් කළා.

“මොකද ඔවුන් පන්දු යොමු කරන්නේ ඉහළ මට්ටමේ සිට පහලට නෙවෙයි, පහළ මට්ටමේ සිට ඉහලට”

“ඔවුන්ගේ දඟ පන්දු පුහුණුකරු රංගන හේරත් සිදු කළෙත් එහෙමයි. ඔහු එවැනි පන්දු යොමු කිරීමේ විශිෂ්ඨයෙක්.

“ශකිබ් ඒ දේ කළා. පන්දුව උඩු ගුවනේ ඉපිල්ලවීම මෙවැනි තණතීරුවල ඉතාමත් වැදගත්. ඔවුන් ඒ දේ හරියටම කළා.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...