“ඒක පිතිකරුවන්ට හොද තණතීරුවක්” : විරාට් කෝලි

Date:

එංගලන්තය සමග පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය වන අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගනයේ සකස් කර තිබූ තණතීරුව පිතිකරුවන්ට ඉතා යෝග්‍ය තණතීරුවක් බව ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි පවසනවා.

අදාළ තරගය දින දෙකක් සම්පූර්ණ වීමටත් පෙර නිමා වූ පසුබිමකයි කෝලි විසින් මෙම ප්‍රකාශය සිදු කළේ.

තරගය පුරාවටම පන්දු 842ක් පමණක් ක්‍රියාත්මක වූ අතර, මෙම තරගය ඉතිහාසගත වූයේ 1935 වසරෙන් පසුව ප්‍රතිපලයක් සහතිව නිමා වූ තරග අතරින් අවම කාලයක් පැවැති ටෙස්ට් තරගය ලෙසයි.

දග පන්දු යවන්නන්ට බොහෝ සෙයින් හිතකර වූ අහ්මදාබාද් ක්‍රීඩාංගනයේ මෙම තණතීරුව සම්බන්ධයෙන් බොහෝ පාර්ශව එතරම් සුබවාදී ප්‍රතිචාර දක්වන්නේ නැහැ.

කෙසේ වෙතත්, විරාට් කෝලි අදාළ තණතීරුව වෙනුවෙන් පෙනී සිටිනු දක්නට ලැබුණා.

“ඒක හොද තණතීරුවක් පිතිකරණයේ නිරත වෙන්න, විශේෂයෙන් පළමු ඉනිමේ දී.” යනුවෙන් තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් විරාට් කෝලි කියා සිටියා.

පිතිකරුවන් නිසි ලෙස පන්දුවට පහර නොදීම මෙම තරගයේ දී දැක ගත හැකි වූ වරදක් බවයි ඔහු පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත්, අහ්මදාබාද්හි තණතීරුවේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සලයට නිල වශයෙන් කරුණු දක්වන්නේ ද යන්න සම්බන්ධයෙන් ඉදිරියේ දී නායක ජෝ රූට් සමග සාකච්ඡා කරන බව එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...