එක්සත් අරාබිය හමුවේ ශ්‍රී ලංකාවට අනපේක්ෂිත පරාජයක්

Date:

ආසියානු කුසලාන යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම හමුවේ කඩුලු 2 ක අනපේක්ෂිත පරාජයක් අත්විදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද(11) සිදු වුණා.

ඩුබායි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 220 ක් ලබා ගත්තා.

දිනුර කලුපහන නොදැවී ලකුණු 56(87) ක් රැස් කළේ හතරේ පහර 2ක් ද සමගින්. නායක සිනෙත් ජයවර්ධන ලකුණු 49 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී Omid Rehman හා Aayan Afzal Khan කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එමීර් යොවුන් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 10 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 8ක් දැවී සිටියදීයි.

Tanish Suri ලකුණු 75 ක් ලබා ගත් අතර, නායක Aayan Afzal Khan ලකුණු 33 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ගරුක සන්කෙත් ලකුණු 35 කට කඩුලු 3 ක් දවා ගත්තා. විශ්ව ලහිරු කඩුලු 2ක් බිද හෙලුවේ ලකුණු 28 ක් ලබා දෙමින්.

මෙවර ආසියානු යොවුන් කුසලානය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයෙන් ඔවුන් පසුගියදා ජපානයට එරෙහිව කඩුලු හතක ජයක් වාර්තා කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...