එක්දින හා 20යි 20 තරග සදහා අයි.සී.සීය නව තරග කොන්දේසියක් පනවයි

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නව තරග කොන්දේසියක් ජාත්‍යන්තර තරග සදහා හදුන්වා දී තිබෙනවා.

ඒ අනුව පන්දුවාරයක් නිමා වී ඊළග පන්දුවාරය ආරම්භ කිරීමට ප්‍රමාද වුවහොත් දඩුවම් ලකුණු 5ක් පැනවීමේ ක්‍රමවේදයක් හදුන්වා දීමටයි අයි.සී.සීය අද(21) පියවර ගෙන ඇත්තේ.

එක් පන්දුවාරයක් නිමා වී ඊළග පන්දුවාරය යොමු කිරීම තත්ත්පර 60 ක කාලයක් තුළ දී ආරම්භ කිරීමට පන්දු යවන කණ්ඩායම සූදානමින් සිටිය යුතු බව අයි.සී.සීය පෙන්වා දෙනවා.

පන්දු යවන කණ්ඩායමට එක් ඉනිමක් තුළ දී තෙවරක් එය සිදු කිරීමට නොහැකි වුවහොත් පිතිකරණ කණ්ඩායමට ලකුණු පහක් පිරිනැමීමට කටයුතු කරනු ඇති.

පිරිමි එක්දින හා 20යි 20 තරග සදහා පමණක් මෙම නව තරග කොන්දේසිය පනවා තිබෙනවා.

එය එළඹෙන දෙසැම්බර් මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා පර්යේෂණාත්මක අයුරින් සිදු කිරීමට නියමිතයි.

අහ්මදාබාද් හී දී නිමා වූ අයි.සී.සී ප්‍රධාන විධායක රැස්වීමේ දී යි මෙම තීරණයට අනුමැතිය හිමිවී ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...