එකට හිටපු ශ්‍රී ලංකාව දෙකට ඇද දැමූ ඉන්දීය කුමන්ත්‍රණය

Date:

Road Safety World Series තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන යළිත් සංශෝදනය කර තිබෙනවා.

මෙවර තරගාවලිය අතරමගදී ප්‍රසාද ලකුණු සටහන මෙලෙස සංශෝදනයට ලක් කෙරුණු දෙවැනි අවස්ථාව මෙයයි.

ඒ අනුව ඊයේ(14) එංගලන්තයට එරෙහි තරගය ජය ගැනීමත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට මේ වන විට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි.

ඊයේ දිනයේ දී දෙවැනි ස්ථානයට පත්ව සිටි ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම මේ වන විට යළිත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට සමත්ව සිටිනවා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 20 බැගින් හිමි කර ගෙන ඇත්තේ ක්‍රීඩා කළ තරග 6න් තරග 5 බැගින් ජය ගනිමින්.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව හිමි කර ගෙන ඇති දළ ලකුණු ලබා ගැනීමේ වේගය 1.771ක් වන අතර, ඉන්දියාවට හිමිව ඇත්තේ 1.733ක දළ ලකුණු ලබා ගැනීමේ වේගයක් පමණයි.

ඒ අනුව සාමාන්‍ය ක්‍රමවේදය අනුව ශ්‍රී ලංකාව දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත ඉදිරියෙන් පසුවන බැවින් ඉන්දියාව අභිබවා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි විය යුත්තේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමටයි.

ඊයේ තරගයෙන් පසුව නිකුත් කෙරුණු ප්‍රසාද ලකුණු සටහන තුළ ද ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානය හිමි කර ගත් බවට නිල වශයෙන් නිවේදනය කෙරුණේ මෙම පදනම මතයි.

කෙසේ වෙතත්, මේ වන විට නිකුත් කර ඇති නවතම ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති තරගයෙන් ඉන්දියාව ජය ගැනීම ඊට හේතු සාධක ලෙස සංවිධායකයින් පෙන්වා දෙනවා.

කණ්ඩායම් දෙකක ප්‍රසාද ලකුණු සම වීමකදී එම කණ්ඩායම් දෙක මූලික වටයේ දී එකිනෙකා මුණගැසුණු අවස්ථාවේ දී ජය ගත් කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ ඉහළ ස්ථානයක් හිමිවන බවයි සංවිධායකයින් සදහන් කරන්නේ.

කණ්ඩායම් කිහිපයක ප්‍රසාද ලකුණු සමවීමකදී පමණක් දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත ස්ථාන තෝරා ගන්නා බව තරගාවලි සංවිධායකින් පෙන්වා දෙනවා.

මෙවැනි ආකාරයේ ක්‍රියාවලි ඔස්සේ මෙම තරගාවලියේ අසංවිධානාත්මක බව මොනවට පැහැදිලි කෙරෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...