එංගලන්ත පසුපෙලේ සටනට කොදෙව් පසුපෙලින් ප්‍රබල පිළිතුරක්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය මෙරට වේලාවෙන් අද(26) අලුයම නිමා වුණේ පළමු ඉනිමේ දී කොදෙව්වන් ලකුණු 28ක් ඉදිරියෙන් පසුවෙමින්.

දිනය නිමා වන විට කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී රැස් කර සිටි ලකුණු සංඛ්‍යාව 232ක්.

ඒ, ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුලු 6 ලකුණු 95ක්ව තිබියදී බිද වැටුණු පසුබිමකයි.

ජොෂුවා ද සිල්වා නොදැවී ලකුණු 54ක් ද කෙමාර් රෝච් නොදැවී ලකුණු 25ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ජෝන් කැම්ප්බෙල් ලකුණු 35යි. ක්යිල් මේයර්ස් හා අල්සාරි ජෝසප් ලකුණු 28 බැගින් රැස් කළා.

පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් කඩුලු 3ක් දවා ගත් අතර, ක්‍රෙයිග් ඕවර්ටන් හා බෙන් ස්ටොක්ස් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

Grenada හි පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 204ක් පමණයි.

ආරම්භක පිතිකරු ඇලෙක්ස් ලීස් ලකුණු 31ක් ලබා ගත් නමුත්, සෙසු කිසිදු මුල්පෙල හා මැදපෙල පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

ක්‍රිස් වෝක්ස් ලකුණු 25යි. ඉනිමේ 9 වැනි කඩුල්ල ලකුණු 114 දී බිද වැටුණු අතර, අනතුරුව අවසන් කඩුල්ල සදහා ලකුණු 90ක සබදතාවයක් ගොඩ නැගීමට ජැක් ලීච් හා සකිබ් මහ්මූද් සමත් වුණා.

මහ්මුද් ලකුණු 49කට දැවී ගිය අතර, ලීච් නොදැවී ලකුණු 41ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජෙයිඩ්න් සීල්ස් කඩුලු 3ක් දවා ගත්තා. කෙමාර් රෝච්, ක්යිල් මේයර්ස් හා අල්සාරි ජෝසප් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...