ඇමති තර්ජන හමුවේ එංගලන්ත – දකුණු අප්‍රිකා තරගාවලිය අවලංගු වන ලකුණු

Date:

එංගලන්ත කණ්ඩායමේ එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය අවලංගු වීමේ අවධානයමක් මේ වන විට මතුව තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකා ක්‍රිකට් අර්බුදය තවදුරටත් උත්සන්න වීම හේතුවෙන්.

මේ වන විට දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයේ පාලන කටයුතු වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කර ඇති අතර, එහි සභාපතිවරයා ලෙස පත් කෙරුණු Zak Yacoob මාධ්‍ය වෙත සදහන් කර ඇත්තේ අද(13) පස්වරුවේ පැවැත්වෙන දකුණු අප්‍රිකා ක්‍රිකට් සාමාජික කවුන්සල රැස්වීමේ දී ගනු ලබන තීරණ මත එළඹෙන එංගලන්ත තරගාවලිය පැවැත්වීමේ හැකියාව තීරණය වනු ඇති බවයි.

දකුණු අප්‍රිකා ක්‍රිකට් සාමාජික කවුන්සලය යනු එරට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් වැදගත් තීරණ ගනු ලබන මණ්ඩලයයි.

රජය විසින් පත් කරන ලද ක්‍රිකට් අතුරු කමිටුව, සාමාජික කවුන්සලය විසින් පසුගිය දා ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත්තා.

අනතුරුව දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා අමාත්‍ය Nathi Mthethwa තර්ජනය කර ඇත්තේ වහාම අතුරු කමිටුව පිළිගැනීමට සාමාජික කවුන්සලය විසින් කටයුතු කළ යුතු බවයි.

එසේ නොකළහොත් මෙම ගැටලුවට මැදිහත් වීමට තමා සිය ව්‍යවස්ථාපිත බලතල යොදා ගන්නා බවටත්, සම්බාධක පැනවීමට කටයුතු කරන බවටත් ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියා.

එහිදී දකුණු අප්‍රිකා ජාතික කණ්ඩායම් නියෝජනය කිරීමේ අවස්ථාව දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයට අහිමි කරන බවට ද ක්‍රීඩා අමාත්‍යවරයා තර්ජනය කර ඇති බව සදහන්.

ක්‍රීඩා අමාත්‍යවරයා එවැනි මැදිහත් වීමක් සිදු කළහොත් එය රජයේ මැදිහත්වීමක් ලෙස සැලකිය හැකියි.

එවැනි මැදිහත් වීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් තහනම් කර ඇති බැවින් එසේ වුවහොත් දකුණු අප්‍රිකාවට ක්‍රිකට් තහනමක් වුවද පැනවීමේ අවධානමක් මතු වනු ඇති.

එංගලන්ත කණ්ඩායමේ එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරයට 20යි 20 සහ එක්දින තරග 3 බැගින් ඇතුළත් වන අතර, එංගලන්ත කණ්ඩායම ලබන සදුදා දකුණු අප්‍රිකාවට පැමිණීමට ද නියමිතව සිටිනවා.

පළමු 20යි 20 තරගය ලබන 27 වනදා පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත්, තරගාවලිය පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් අද දිනයේ දී අවසන් තීරණයක් ලැබෙනු ඇති.

මෙම තරගාවලිය හේතුවෙන් ෆෆ් ඩු ප්ලෙසිස්, ඩේවිඩ් මිලර් සහ ඩේවිඩ් මලාන්ට ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වීමේ අවස්ථාව ද අහිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...