සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ලන්ඩන් නුවර ‘ද ඕවල්’ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(10) සිට යළි ආරම්භ වන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය පවසනවා.
මෙම තරගය පසුගිය 8 වැනිදා ආරම්භ වූ නමුත්, තරගයේ දෙවැනි දිනය වූ ඊයේ දිනය සදහා තරගය නොපැවැත්වීමට තීරණය කෙරුණේ දෙවන එලිසබෙත් රැජිණගේ අභාවය හේතුවෙන්.
මෙම තරගයේ පළමු දිනය ද වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් සම්පූර්ණයෙන් අතහැර දැමීමට සිදු වුණා.
ඒ, තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ පසුබිමකයි.
තරගයේ දෙවැනි දිනය අත්හිටුවූ බැවින් තරගය 13 වැනිදා දක්වා දීර්ඝ කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබූ නමුත්, ඒ සදහා දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයේ කැමැත්ත හිමි වී නැහැ.
දකුණු අප්‍රිකා කණ්ඩායම ඉදිරියේදී ඉන්දීය තරග සංචාරයක නිරත වීමට නියමිතව ඇති බැවින් අගහරුවාදා දිනයේ දී සිය ක්‍රීඩකයින් යළි දකුණු අප්‍රිකාව වෙත ගෙන්වා ගැනීමට අවශ්‍ය බවයි දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය පෙන්වා දී ඇත්තේ.
ඒ අනුව මෙම ටෙස්ට් තරගය මේ වන විට දින තුනක තරගයක් බවට පත්ව තිබෙනවා.
ඊයේ දිනයේ දී කිසිදු දේශීය ක්‍රිකට් තරගයක් හෝ එංගලන්තයේ දී නොපැවැත් වූ අතර, අද දිනයේ සිට සුපුරුදු පරිදි තරග පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
තරග ආරම්භ වීමට පෙර මිනිත්තු කිහිපයක නිහඩතාවයක් පවත්වා ජාතික ගීය ගායනා කිරීමට කටයුතු යොදා ඇති අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන් කලුපටි පැලද ක්‍රීඩා කිරීමට ද කටයුතු කරනු ඇති.

